උත්සව කාලෙට රසවත් කෑමක්

0
10


ත්‍රී ලේයර් රයිස්

උත්සව කාලය ළඟ ළඟ එනවාඉතින් නිවසට පැමිණෙන ආදරණිය අමුත්තන්ට සංග්‍රහ කරන්නටකජුඉස්සන්සහ මාළු මිශ්‍ර කර සාදා ගත හැකි රසවත් බතක් තමා අද ඔබට හඳුන්වා දෙන්නේ ……..

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කීරි සම්බා හෝ සූදුරු සම්බා කිලෝ 1
  • මාළු ග්‍රෑම් 250
  • ලීක්ස් ග්‍රෑම් 100
  • ඉස්සන් ග්‍රෑම් 150
  • බී ළුණු ග්‍රෑම් 250
  • කජු ග්‍රෑම් 100
  • රම්පෙ කැබැල්ලක්
  • අඹරාගත් සුදු ළුණු මේස හැඳි 1
  • මාගරින් ග්‍රෑම් 150
  • ලුණු කුඩු තේ හැඳි 1
  • අඹරාගත් රම්පෙ
  • අඹරාගත් කරපිංචා
  • ගම්මිරිස් තේ හැඳි 1

සාදා ගන්නා ආකාරය:

මාළු තම්බා කුඩා කැබලි වලට කපා බැද ගන්නලීක්ස්ගෝවා සිහින්ව කපා මඳක් තෙම්පරාදු කරගන්නබී ළුණු සහ කජු බැදගන්නඉන්පසුව සහල් සෝදා වතුර බේරෙන්නට තබන්නපසුව භාජනයක් ලිපෙන් තබා එයට බටර් එකතු කර රත්වෙන්නට තබන්නඑයට අඹරාගත් සුදු ළුණුරම්පෙලුණු කුඩු දමා හොඳින් මිශ්‍ර කරන්නඑයට සහල් එකතු කර විනාඩි 2, 3 බැද වතුර එකතු කර බත පිස ගන්නබත ඉදුණු පසු උණුවෙන්ම කොටස් තුනකට වෙන් කරගන්න.

බෝල් එකකට බත් කොටසක් දමා හැන්දකින් හොඳින් තද කරන්නඒ මතට බටර් තේ හැඳි දමා පිහියකින් හොඳින් ගාගන්නඒ මතට බැදපු මාළු අතුරන්නඑයට ලුණු ගම්මිරිස් ස්වල්පයක් ඉසින්න. ඊට උඩින් අනෙක් බත් කොටස දමා හොඳින් තද කරන්න.ඒ මත බටර් ගාන්න.

පසුව එළවළු මිශ්‍රණය අතුරන්නඑයට ලුණු ගම්මිරිස් ඉසින්නඉතිරි බත් කොටස උඩට දමා හොඳින් තද කරන්නඒ මත බටර් ගා බැදගත් ඉස්සන් උඩට එකතු කරන්නඒ මතට තවත් බත් කොටසක් එකතු කර වසා ගන්නඒ මතට බැදගත් කජු සහ බී ළුණු දමා ගන්නඅවසානයේදී බත් මත වටේට සලාද කොළ අතුරා තක්කාලි පෙති දමා සරසා ගන්න.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here