මොක්ටේල් (Mocktail) කියල කියන්නෙ කොක්ටේල් (Cocktail) වගේම හදන හැබැයි ඇල්කොහොල් අඩංගු වෙන්නෙ නැති බීමක්. ඇල්කොහොල් තියෙන නිසා කොක්ටේල් නොබොන අයට හොඳ මොක්ටේල් රෙසිපි ටිකක් තමයි අද අරගෙන එන්නෙ. ගෙදර පාටියක් එහෙම තියෙන වෙලාවක ඇල්කොහොල් නොබොන යාළුවන්ට බෝරින් වෙන්නෙ නැතිවෙන්න රසම රස මොක්ටේල් ටිකක් හදල බලමුද?
1. The Shirley Temple
අවශ්‍ය ද්‍රව්‍ය
- රතු දෙළුම් යුෂ හෝ බෝතල් කළ චෙරි යුෂ මේස හැඳි 2ක්
- 7UP හෝ Sprite කෝප්ප කාලක්
- චෙරි
- අයිස් කැට
- මුලින්ම වීදුරුව අයිස් වලින් පුරවන්න. දෙළුම් හෝ චෙරි යුෂ ඊට උඩින් දාගන්න.
- අන්තිමට වීදුරුව පිරෙන්න උඩින් 7UP හෝ Sprite වක්කරන්න. චෙරි වලින් සරසලා බීමට ගන්න.
2. Coconut, Cucumber, Lime and Mint Cooler
අවශ්‍ය ද්‍රව්‍ය
- පොල් වතුර කෝප්ප 1
- සිහින්ව කපාගත් පිපිඤ්ඤා පෙති ටිකක්
- දෙහි යුෂ 30ml
- සීනි මේස හැඳි 1 1/2 (අවශ්‍යනම් පමණක්)
- තලාගත් මිංචි කොළ මේස හැඳි 1 1/2
- පොල්වතුර, පිපිඤ්ඤා, දෙහි යුෂ, සීනි සහ මිංචි කොළ එකට කළවම් කරන්න. පැය 2ක් පමණ ශීතකරණයක තබා සිසිල් කරන්න. සීතල පිටින්ම පිළිගන්වන්න.
3. Wildcat Cooler
අවශ්‍ය ද්‍රව්‍ය
- බ්ලූබෙරි කෝප්ප 1
- වතුර කෝප්ප 1
- සීනි කෝප්ප 1
- ලෙමන් යුෂ කෝප්ප 1
- අවශ්‍ය පමණ කූල් වතුර
- භාජනයක් ලිපේ තියලා බ්ලූබෙරි, සීනි සහ වතුර කෝප්පය එකතු කරලා හොඳින් උතුරවාගන්න.
- ගින්දර අඩු කරලා විනාඩි 15ක් පමණ මද ගින්නේ තැම්බෙන්න දෙන්න. මේ මිශ්‍රණයේ යුෂ ටික පෙරලා වෙන් කරගෙන නිවෙන්න තියන්න.
- වීදුරුවක් අරගෙන අයිස් පුරවා ගන්න.
- අයිස් වලට උඩින් සකස් කරගත් බ්ලූබෙරි සිරප් එක දමාගන්න. ඊට උඩින් ලෙමන් යුෂ දමාගන්න. වීදුරුවේ ඉතිරිය පිරෙන්න කූල් වතුර දමාගන්න.
4. Pineapple Ginger Beer
අවශ්‍ය ද්‍රව්‍ය
- දෙහි යුෂ 30ml
- අන්නාසි යුෂ 30ml
- ඉඟුරු යුෂ 30ml
- ජින්ජර් බියර්
- මිංචි කොළ ටිකක්
- මුලින්ම වීදුරුවක් අරගෙන අයිස් පුරවා ගන්න.
- දෙහි යුෂ, අන්නාසි යුෂ සහ ඉඟුරු යුෂ එකට කලවම් කරගෙන අයිස් මතට දමාගන්න.
- වීදුරුව පිරෙන්න ජින්ජර් බියර් දමාගන්න. මිංචි කොළ කිහිපයකින් සරසා පිළිගන්වන්න.
5. Ginger Lime Spritzer
අවශ්‍ය ද්‍රව්‍ය
- පිරිසිදු කර පෙති කපාගත් ඉඟුරු 150g
- වතුර කෝප්ප 1
- සීනි කෝප්ප 1
- දෙහි යුෂ කෝප්ප ½
- Sparkling Water හෝ සෝඩා
- භාජනයක් ලිපේ තියලා ඉඟුරු, සීනි සහ වතුර එකට දාල නටවා ගන්න. මදගින්නේ සීනි දියවෙනතුරු තියන්න.
- ලිපෙන් බාල විනාඩි 30ක් පමණ නිවෙන්න තියල දෙහි යුෂ එකතු කරන්න.
- හදාගත්තු මිශ්‍රණය හොඳින් පෙරාගෙන ශීතකරණයක දමා සිසිල් කරගන්න.
- ශීත කළ Sparkling water හෝ සෝඩා මිලි ලීටර් 250කට සකස් කරගත් මිශ්‍රණයෙන් මේස හැඳි 3ක් හෝ 4ක් කලවම් කර පිළිගන්වන්න.
6. Sparkling Cucumber Limeade
අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි කෝප්ප 1
- සූරාගත් දෙහි පොතු මේස හැඳි 1
- වතුර කෝප්ප 1
- මිංචි කොළ කෝප්ප 1/4
- දෙහි යුෂ කෝප්ප 1
- සිහින්ව කපාගත් කොළ පිපිඤ්ඤා ගෙඩි 1
- Sparkling water හෝ සෝඩා කෝප්ප 2
- භාජනයක් ලිපේ තියලා සීනි, දෙහි පොතු සහ වතුර එකතු කරලා මග ගින්නේ හැඳි ගාමින් සීනි දියවෙනකල් රත්කරගන්න.
- ලිපෙන් බාලා මිංචි කොළ එකතු කරගන්න. විනාඩි 30ක් විතර නිවෙන්න තියන්න. නිවුනට පස්සෙ මිශ්‍රණය හොඳින් පෙරාගන්න.
- දෙහි යුෂ සහ පිපිඤ්ඤා හදාගත්ත මිශ්‍රණය සමඟ කළවම් කරගන්න. පැයක් පමණ ශීතකරණයේ තියලා සිසිල් කරගන්න. පිළිගන්වන්න කලින් අයිස් සහ sparkling water/soda එකතු කරගන්න.
7. Virgin Mojito
අවශ්‍ය ද්‍රව්‍ය
- පෙති කපාගත් දෙහි ගෙඩි 1
- කුඩු කරගත් සීනි තෙ හැඳි 1
- මිංචි කොළ අහුරක්
- ඇපල් යුෂ මේස හැඳි 3-4
- Sparkling water හෝ සෝඩා
- උස වීදුරුවකට සීනි සහ දෙහි පෙති එකට දාලා ප්ලාස්ටික් රෝලින් පින් එකකින් හෝ ඒ වගේ දේකින් හොඳින් තලාගන්න.
- මිංචි කොළ එකතු කරලා ආයෙමත් තලාගන්න. ඊළඟට වීදුරුවට අයිස් පුරවාගන්න.
- ඇපල් යුෂ උඩින් එකතු කරගන්න. උඩින් ශීත කළ sparkling water/soda එකතු කරලා මිංචි කොළ වලින්ම සරසලා පිළිගන්වන්න.
The post උත්සව අවස්ථාවකට රසට හදාගන්න පුළුවන් මොක්ටේල් රෙසිපි 7ක් appeared first on Lifie.LK.
Saru FM Media