උඩ එල්ලල වටේට කැරකෙන දිවුලපිටියේ හදපු අපූරු “අහස් පහන් කූඩුව”

0
4


මේ පාර වෙසක් එකට හැම ප්‍රදේශයකම විවිධ වැඩසටහන් සංවිධානය කරල තිබුණා.

ඒ අතර තොරණ, පහන් කූඩු විශේෂයි.

හැමදාම දකින පහන් කූඩු අතරේ විශේෂිත පහන් කූඩුවක් අපිට හම්බ වුණා.

මේකේ තියන විශේෂත්වය තමයි, වෙනත් පහන් කූඩු බිම ඉදන් කැරකෙද්දි, මේක කැරකෙන්නේ උඩ ඉදන්.

ඒ කියන්නේ මේ පහන් කූඩුව උඩ එල්ලලා උඩ ඉදන් තමයි කොටස් කිහිපයකට කැරකෙන්නේ.

මේකට කියන්නේ අහස් පහන් කූඩුව කියලා.

මේක අපිට හම්බ උනේ දිවුලපිටිය ජෝතිකාරාම විහාරස්ථානයේදීයී.

මේ පන්සලෙත් පළවෙනි වරට තමයි මේ වගේ වැඩක් කරල තියෙන්නේ.

දිවුලපිටිය මාහේනවත්ත තරුණයෝ ටික එකතු වෙලා තමයි මේ අපූරු වැඩේ කරල තියෙන්නේ.

කාලෙකින් දකින්න ලැබෙන මේ අහස් පහන් කූඩුව ඔයාලටත් බලන්න පුලුවන් 18 වෙනකම්.

වෙසක් බලන්න යනව නම් කොළඹ – කුරුණෑගල 05 පාරේ ඇවිත් දිවුලපිටිය නගරයේ ශ්‍රී ජෝතිකාරාම විහාරස්ථානයේදී මේ ලස්සන අහස් පහන් කූඩුව බලන්න පුලුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here