උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කෙරේ

0
2

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ අද (19) සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් හෙට (20) උදෑසන උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, හෙට පෙරවරු 5.55ට කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ පොඩි මැණිකේ දුම්රියත්, පෙරවරු 7ට කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියත් වලංගු කිරීමට පියවර ගෙන ඇත.

මීට අමතරව පෙරවරු 8.30ට කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ උඩරට මැණිකේ දුම්රිය මෙන්ම පෙරවරු 9.45ට කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රිය ද ධාවනය අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 

කෙසේවෙතත් මහනුවර සහ බදුල්ල අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙනු ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here