ඊශ්‍රායලය තවදුරටත් ජගත් සංවිධාන නියෝජිතයන් රැඳී සිටින ස්ථාන වලට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ ඊශ්‍රායල හමුදා ඊයේ එල්ල කළ ප්‍රහාර වලින් පලස්තීන ජාතිකයන් 26 දෙනෙකු මියගොස් ඇති බවයි.
ගාසා තීරය මේ වනවිට ඝාතන භූමියක් බවට පත්ව ඇති බව ඔහු කියා සිටිනවා.
දේශසීමා නොමැති වෛද්‍යවරු සංවිධානය පවසන්නේ ගාසා තීරයේ අල්-මවාසි ආරක්ෂිත කලාපයේ තම සායනයක් අසලට ද ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වූ බවයි.
මේ අතර ඇමරිකා හමුදා යේමනයට බෝම්බ හෙලීම දිගටම කරගෙන යන අතර හොඩෙයිඩා හි පුද්ගලයින් හය දෙනෙකු එම ප්‍රහාර වලින් මිය ගියා.
ලෙබනනයේ බාල්බෙක් සහ බෙකා නිම්නයටද ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළා.
ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ 50,810 ක් මිය ගොස් 115,688 ක් තුවාල ලබා සිටිනවා.
Saru FM Media