වසර 10කට ආසන්න කාලයක් ඊශ්‍රායලයේ සිරගතව සිටි ළමා සිරකරුවෙකු නිදහස් කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබෙනවා.
අහමඩ් මනස්රා නමැති මෙම පිරිමි දරුවා වයස අවුරුදු 13දී ඊශ්‍රායලය අත්අඩංගුවට ගැනීමෙන් පසු සිරගත කර තිබෙනවා.
මේ වන විට 23 හැවිරිදි වියේ පසුවන ඔහු වසර 9 මාස 6කකාලයක් සිරගතව සිටි බවයි වාර්තා වන්නේ.
ඔහු සිරගතව සිටි කාලය තුළදී මානසික රෝග සදහා කිහිප වරක් ගොදුරු වී තිබුණද ඔහුව නිදහස් කිරීම ඊශ්‍රායල බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබුණා.
2015 වසරේදී නැගෙනහිර ජෙරුසෙලමේදී අනවසර ඊශ්‍රායල පදිංචි කරුවන් දෙදෙනෙකුට පිහි ඇනුමක් සිදු කිරීමයි ඔහුට එල්ල වූ චෝදනාවන වන්නේ.
එහිදී ඊශ්‍රායල ජාතිකයින් අහමඩ් මනස්රාට පහරදීම හේතුවෙන් ඔහුගේ හිස්කබල පවා පිපිරීමට ලක්ව තිබුණා.
කෙසේ වුවද ඔහු කිසිදු පිහි ඇනුමක් සිදු කර නොමැති බව තහවුරු වී තිබෙනවා.
Saru FM Media