ඊශ්‍රායලයේ සේවය කර දැනට නිවාඩු ලබා සිටින අයට දැනුම්දීමක්

0
2

නිවාඩු සහ වෙනත් කටයුතු සඳහා ඊශ්‍රායලයෙන් පිටත් වී සිටින ශ්‍රමිකයින්ගේ වීසා කාලය 2026 අප්‍රේල් මස 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

එම තීරණය අනුව, 2026 පෙබරවාරි 28 සිට අප්‍රේල් 21 අතර කල් ඉකුත් වූ හෝ කල් ඉකුත් වීමට නියමිත නැවත ඇතුළුවීමේ වීසා ස්වයංක්‍රීයව අප්‍රේල් 30 දක්වා දීර්ඝ කෙරෙන අතර, ඒ සඳහා වෙනම අයදුම් කිරීමක් අවශ්‍ය නොවන බවද සඳහන් වේ.

යාවත්කාලීන වීසා වලංගුභාවය ඊශ්‍රායලයේ ජනගහන හා ආගමන අධිකාරියේ පද්ධතිය තුළ දිස්වන අතර, එම කාලසීමාව තුළ දේශසීමා හරහා නැවත ඇතුළුවීමට අවසර ලැබෙනු ඇති බව සඳහන්ය.

මේ අතර, හිස්බුල්ලා සංවිධානය හා ඉරානය විසින් ඊශ්‍රායල වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමේ අවධානමක් පවතින බවට අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බවඳ නිමල් බණ්ඩාර මහතා කියා සිටියේය.

විශේෂයෙන්ම ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශවල ආර්ථික හා හමුදාමය ඉලක්ක වෙත එකවර ප්‍රහාර එල්ල විය හැකි බවට එරට ආරක්ෂක අංශ ජනතාවට දැනුම් දී ඇත.

ඒ අනුව, එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ආරක්ෂක උපදෙස් අනුගමනය කරන ලෙසත්, සයිරන් හඬ නාද වන අවස්ථාවලදී ආසන්නතම ආරක්ෂිත ස්ථාන වෙත යාමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටී.

ආරක්ෂිත ස්ථාන නොමැති අවස්ථාවලදී, ශක්තිමත් බිත්ති ඇති ස්ථානයක ආවරණය ලබා ගැනීමත්, විදුරු දොරවල් හා ජනෙල්වලින් දුරස්ව සිටීමත් අත්‍යවශ්‍ය බවද වැඩිදුරටත් උපදෙස් දී ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here