ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට එරට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක් – Saru News | සිංහල

0
2

පවතින ගැටුම්කාරී තත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙසට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබේ.

හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයේ උතුරු කලාපයට එල්ල කරන මිසයිල ප්‍රහාර වැඩිවෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසා සිටී.

හයිෆා, නහරියා, අර්කෝ, ගැලීලි, අෆුලා, කර්මෙල් කඳුවැටිය, නාසරෙත්, තිබෙරියා ඇතුළු උතුරු කලාපයේ ජීවත් වෙන පිරිසට, ලෙබනනය දෙසින් එල්ලවිය හැකි ප්‍රහාර මෙන්ම, රට අභ්‍යන්තරයේ යම් කණ්ඩායම් විසින් සිදු කළ හැකි ප්‍රකෝපාකාරි සිද්ධීන් පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවට තානාපති සඳහන් කර සිටී.

උතුරු ඊශ්‍රායල් කලාපයේ 9,000කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් සේවය කරන අතර, එරට ආරක්ෂක හමුදාවන්, රජයේ මාධ්‍ය හා PIBA ආයතනය මෙන්ම තානාපති කාර්යාලය විසින් ලබාදෙන උපදෙස් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටිමින් කටයුතු කරන ලෙස තානාපති කාර්යාලය ඔවුන්ගෙන් ඉල්ලා සිටී.

ඕනෑම හදිසි අවස්ථාවකදී ඊශ්‍රායල් ගිලන් රථ සේවා නොමිලේ ලැබෙන අතර, තමා සිටින ස්ථානය (Location) සමග 101 අංකයට ඇමතීමෙන් සේවාව ලබාගත හැකි බවද, අවශ්‍ය උපදෙස් සඳහා තානාපති කාර්යාලයේ WhatsApp අංකය වන 00972-559305731 සතියේ දින 07ම ඇමතිය හැකි බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දෙයි.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here