ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් ගාසා තීරයේ සිටින තවත් පලස්තීන ජාතිකයින් 21 දෙනෙකු මියගොස් තිබේ.
එම ප්‍රහාර වලින් එක් සොල්දාදුවෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ගාසා නගරයේ සහ ඛාන් යුනිස් ප්‍රදේශවල සිදුව ප්‍රහාර වලින් මියගිය අය අතර ළමුන් හය දෙනෙකු සිටින බව සඳහන් වේ.
ප්‍රහාරයකට ගොදුරු වූවන්ට උපකාර කිරීමට දිව ගිය වෛද්‍යවරයෙකු ද මියගිය අය අතර සිටි අතර සිටින බව පැවසේ.
ගාසා තීරයේ නැගෙනහිර, සයිටවුන් සහ ටෆා අසල්වැසි ප්‍රදේශවල කූඩාරම් සහ නිවාසවලට ඊශ්‍රායලය සිදුකළ පහර දීමෙන් මියගිය ළමුන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 13 දෙනෙකුගේ මළ සිරුරු ලැබුණු බව ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල සඳහන් කර තිබේ.
Saru News








