අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව සිදුකරන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයද අසල්වැසි රටවල් වෙත එල්ල කරන ප්‍රහාර මේ වනවිට තවදුරටත් දැඩිකර තිබේ.
එවන් පසුබිමක ඔවුන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත එල්ල කළ ප්‍රහාර සඳහා තමන් විසින්ම නිපදවූ ‘කොරම්ෂා 4 (Khorramshahr-4) බැලස්ටික් මිසල’ යොදාගත් බව පවසා ඇත.
ඉරානය නිපදවූ කොරම්ෂා බැලස්ටික් මිසයිල සැලකෙන්නේ එකවර ස්ථාන කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කළ හැකි අතිනවීන මිසයිලයක් ලෙසය.
මීටර් 13කින් දිගින් යුත් මෙය දළ වශයෙන් බස් රථයක දිගින් යුක්තය.
කිලෝමීටර් 2000ක උපරිම දුරක් ගමන් කළ හැකි මෙම මිසයිලයට ටොන් 1.5ක් බරැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන යාමේ හැකියාවක් ඇත.
2017 වසරේ සිට ඉරාන අවි ගබඩාවේ තිබී ඇති මෙය ඔවුන් එළිදක්වා ඇත්තේ 2023 වසරේදීය.
Saru News













