ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය මැද අමෙරිකාව සහ ඉරානය රහසිගතව සාකච්ඡා පවත්වන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සැක පළකර ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.
තමන්ට හොර රහසේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය ඉරානය සමඟ සටන් විරාමයක් ගැන සාකච්ඡා කරන බවට ඊශ්‍රායල අගමැතිවරයාට බුද්ධි තොරතුරු ලැබී ඇති බවට සඳහන් වෙයි.
නමුත් මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය පවසා ඇත්තේ එවැනි කිසිදු රහසිගත සාකච්ඡාවක් ඉරානය සමඟ සිදු නොකරන බවයි.
ඊශ්‍රායලය බලාපොරොත්තුවන හමුදාමය ඉලක්ක සපුරා ගැනීමට පෙර යුද්ධය අවසන් වේවි යැයි නෙතන්යාහු බියක් දක්වන බව ද වාර්තා වේ.
ඉරාන බුද්ධි අංශ විසින් අමෙරිකානු CIA ආයතනය අමතා යුද්ධය නැවැත්වීම ගැන සාකච්ඡා කිරීමට කැමැත්ත පළකර ඇති බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත පවසා තිබේ.
Saru News














