ඊයේ 4ක් අත්අඩංගුවට ගත්තා! 4ම රිමාන්ඩ්! අද තවත් 4ක් අත්අඩංගුවට ගත්තා! ඒ මදිවාට 11 දෙනකුගේ අධ්‍යයන කටයුතු අත්හිටෙව්වා! බලමු සබරගමු සිසුවාගේ මරණෙන්වත් නවක වදය නවතියිද කියලා! I Sri Lanka Latest News

0
2


ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුන් හට නවක වධය ලබා දීමේ සිද්ධියට අදාළ තවත් සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

ලද පැමිණිල්ලක් අනුව එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් සිව් දෙනෙකු ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් අද (05) දින බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව එම විශ්වවිද්‍යාලයේම තෙවන වසරේ තවත් සිසුන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එම සිසුන් හෙට (06) දිනයේදී බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි.

මේ අතර සබරගමුව විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබේ.

නවක වධය හේතුවෙන් සිසුවෙකු මිය යාම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තුන්වන වසරේ සිසුන් 4 දෙනෙකු ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු මෙලෙස අත්හිටුවීමට පියවර ගෙන තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here