Friday, May 23, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ඊයේ බැරිම තැන මන්ත්‍රී අර්චුනාව පාර්ලිමේන්තුවෙන් එළවලා

ඊයේ බැරිම තැන මන්ත්‍රී අර්චුනාව පාර්ලිමේන්තුවෙන් එළවලා

0
7


yesterday-mp-archuna-was-expelled-from-parliment-at-the-last-minute

 ඊයේ (8) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු සැසියේදී සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ කථාවට දිගින් දිගටම බාධා කිරීම හේතුවෙන් යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කරන ලදී.

මුලසුනේ සිටි මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ නියෝගය මත චේච්ත්‍රධාරී කුෂාන් ජයරත්න ඇතුළු ප්‍රධාන නිලධාරීන් විසින් රාමනාදන් මහතා සභා ගර්භයෙන් ඉවත් කරනු ලැබූ අතර, මෙම අවස්ථාවේදී රාමනාදන් මහතා එයට විරෝධය පළ කිරීම නිසා සභා ගර්භය තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් ද ඇති විය.


සිද්ධියට හේතුව වූයේ සභානායක බිමල් රත්නායක මහතා පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය විසින් දිනාගත් පළාත් පාලන ආයතන පිළිබඳව කරුණු දක්වමින් සිටියදී අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා එම කථාවට නිරන්තරයෙන් බාධා කිරීමයි.
මුලසුනේ සිටි අරවින්ද සෙනරත් මන්ත්‍රීවරයා රාමනාදන් මහතාට කථාවට බාධා නොකරන ලෙස වාර ගණනාවක් අවවාද කළද, ඔහු ඊට අවනත වූ බවක් නොපෙනුණි. එම හේතුව මත මුලසුනේ මන්ත්‍රීවරයා රාමනාදන් මහතා සභා ගර්භයෙන් ඉවත් කරන ලෙස නියෝග කළේය.
අරවින්ද සෙනරත් මහතා ස්ථාවර නියෝග 79(1) ප්‍රකාරව මන්ත්‍රීවරයා සභාවෙන් ඉවත් කරන බව නිල වශයෙන් ප්‍රකාශ කළේය. සඳහන් කළ යුතු කරුණක් නම්, රාමනාදන් මන්ත්‍රීවරයාගේ සභා ගැබේ නොහික්මුණු හැසිරීම හේතුවෙන් කතානායකවරයාගේ නියෝගය අනුව ඔහුගේ කථා කිසියම් කාලයකට විකාශනය කිරීම ද මීට පෙර අත්හිටුවනු ලැබ තිබීමයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here