ඊජිප්තු තානාපති සහ කථානායක අතර හමුවක් 

0
11


ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා පසුගියදා (26) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවුණා.

මෙම අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද සහභාගී වුණා.

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දශක හතකට ආසන්න කාලයක් පැවති නිල සබඳතා මෙන්ම, දෙරට අතර පැවති ගැඹුරු ‍ඓතිහාසික හා සංස්කෘතික සබඳතා මෙහිදී කථානායකවරයා සිහිපත් කළා.

දූෂණයෙන් තොර සහ ස්ථාවර ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා නව රජය කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.

එසේම ඇඟලුම් කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය වැනි  අංශවල ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා සම්බන්ධවන ලෙස ද  කථානායකවරයා  ඊජිප්තුවේ ආයෝජකයින්ට ආරාධනයක් ද කළා.

තානාපති ආදෙල් ඉබ්‍රාහිම් මහතා කථානායකතුමාට සිය සුබ පැතුම් එක් කළ අතර ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර ඇගයීමට ලක්කළා.

විවිධ අංශවල සහයෝගීතාව ඔස්සේ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා ඊජිප්තුව කටයුතු කරන බව ඔහු පවසනවා.

වෙළඳාම සහ ආයෝජන, සංචාරක, සංස්කෘතික සහ වෙනත් හුවමාරු වැඩසටහන් වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී සාකච්ඡාවල නිරත වුණා.

දෙරටේ ව්‍යවස්ථාදායක අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සබඳතා වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා-ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද  කථානායකවරයා මෙහිදී  සඳහන් කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here