මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය , ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැන තිබේ . එහෙයින් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල තිබේ .
අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය මාර්ගයට සමීපව , සුළු නායයෑම් තත්ත්වයක් හට ගෙන ඇත . ඒ හේතුවෙන් මෙම පීලීපැනීම සිදුව ඇති බවට වාර්තා වෙයි.
දුම්රියේ එක් මැදිරියක් පිලී පැනීමට ලක්ව තිබේ . එය පීලීගත කිරීමේ කටයුතු සිඳුවෙමින් පවතී . දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉක්මනින් එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදන බවය .
රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගුයි !
එහෙත් , අද (19) දින ධාවනයවීමට නියමිතව තිබු , රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කිරීමට සිදුවූ බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනයවීමට නියමිත ව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස අවලංගු කර තිබේ.
Saru FM Media