ඉවත දමන ටී බෑග්වලින් ලස්සන වෙන්න.

0
3

තේ බොන්න අපි හැමෝම හරිම කැමතියි. ඕනෑම වෙලාවකට ගැළපෙන පානයක් තමයි තේ. ඒත් ලස්සන වෙන්නත් ටී බෑග් වලින් හොඳ පිටුවහලක් ලැබෙනවා. ටී බෑග් යොදාගෙන සමට කරන්න පුලුවන් සත්කාර ගැනයි මේ.
1. සමේ සුදුමැලි බව හා අඳුරු බව ඉවත් කිරීම.
ටී බෑග් දෙකක් තෙත් කර  ඇස් මත මිනිත්තු පහක් හෝ දහයක් පමණ තබා ගන්න. සුදුමැලි ඇස් සහ ඇස් යට අඳුරු බව තුරන් වෙනවා.
2. සමේ ඇති වන අවපැහැය හා කැළැල් අඩු කිරීම.
ඉවත දමන ටී බෑග් ශීතකරණයේ තබා සමේ කැලැල් හා අවපැහැ ගැන්වූ තැන්වලින් තබන්න. මෙය විනාඩි විස්සක් පමණ සිදු කිරීම සුදුසුයි.
3. මුහුණට සත්කාරක ලෙස භාවිතය.
මුහුණේ තෙල් ගතිය වැඩි නම් ශීතකරණයේ තබා ගත් ටී බෑග් වලින් මුහුණ සම්බාහනය කරන්න. ඉන්පසු ටිෂූ එකකින් පිසදමා ගන්න.
පාවිච්චි කළ ටී බෑග් වියළා ඉන්පසු විවෘත කරන්න. ස්ක්‍රබ් එකක් ලෙස භාවිතා කරන්න. මුහුණ සිනිඳු වේවි. සමේ ඇති කුරුලෑ නැති කිරීමට, වියළි බව නැති කිරීමට මෙය ඉතා සුදුසුයි.
මේ ස්ක්‍රබ් එකේ සමේ ඇති කැසීම් හා පැල්ලම් ඉවත් කිරීමටත් ඉතා හොඳයි.
-නිබන්ධිකා-

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here