ඉලෝන් මස්ක් එක්ක එකතු වෙලා අමෙරිකාව විනාශ කරනවා! ලෝකෙට ගහපු බද්දට එරෙහිව අමෙරිකාවේ ප්‍රාන්ත පනහේම ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා! I Sri Lanka Latest News‍

0
14


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ එරට බිලියනපතියෙකු වූ ඊලෝන් මස්ක්ට එරෙහිව අමෙරිකාවේ විරෝධතා රැසක් පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Sri Lanka Latest News‍

එම මාධ්‍ය වාර්තාවල සඳහන්ව ඇත්තේ අමෙරිකාවේ ප්‍රාන්ත 50ම ඇතුළුව ස්ථාන 1,200ක ඊයේ (05) දිනයේදී අමෙරිකානු ජනාධිපතිවරයාට සහ එලොන් මස්ක්ට එරෙහිව විරෝධතා සහ පෙළපාලි පැවැත්වූ බවය.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති තීරු බදු පැනවීම් ඇතුළු ඔහුගේ න්‍යාය පත්‍ර හේතුවෙන් අමෙරිකාවට සාමාජිය සහ ආර්ථික ගැටළු ඇතිවන බවට එම විරෝධතාකරුවන් සිය විරෝධතා මගින් පෙන්වා දී තිබේ.

විරෝධතාකරුවන් පවසා ඇත්තේ අමෙරිකානු ආර්ථිකය කඩා වැටීමත්, ඩොලර් ට්‍රිලියන 06කට ආසන්න ධනයක් විනාශ කිරීමෙන් අමෙරිකානු ජනාධිපතිවරයා මානසික අවපීඩනයකින් පෙළෙන බවය.

එමෙන්ම අමෙරිකානු රජය බිලියනපතියෙකු විසින් අත්පත් කරගන්නා බවත් එම විරෝධතාවට එක්වූවන් චෝදනා කර තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here