ඉල් මහ විරු සමරුවට ලන්ඩන් ගිය ටිල්වින්ට බි්‍රතාන්‍ය කොටි හිතවාදීන්ගෙන් දැඩි විරෝධය

0
1

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉකුත් ඉරිදා (23දා) ලන්ඩනයේ දේශනයක් සඳහා සහභාගි වීමට ගිය අවස්ථාවේ බි්‍රතාන්‍ය කොටි හිතවාදීන් පිරිසකගේ දැඩි විරෝධයකට මුහුණදීමට සිදු විය.

වෙම්බ්ලි හි ඇල්පර්ටන් උසස් පාසලේ රථගාලට ටිල්වින් සිල්වා මහතාගේ මෝටර් රථය ඇතුළු කරන විට එය වටකරගත් කොටි හිතවාදීහු කොටි ධජ වනමින් වාහනයට පහරදෙමින් මග අවුරා සිටියහ. එසේම තවත් අයකු වාහනය ඉදිරිපිට පාරේ වැතිරී එය ඉදිරියට ගමන් කිරීම වැළැක්වීමට උත්සහ කරන අයුරු ද දක්නට ලැබිණි. මෙම කොටි හිතවාදීන් ඉවත් කර වාහනය ගැනීමට එහි සිටි පොලිස් නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දරන්නට සිදුවිය.

වාහනය රථගාල තුළට ගත් පසු වාහනයෙන් බට ජවිපෙ ලේකම්වරයා තවත් කිහිපදෙනකු සමග රැස්වීම ශාලාව ඇතුළට යන අයුරු සිද්ධිය පිළිබඳ වීඩියෝවේ දක්නට ලැබේ. එහිදී එක් අයකු “ගණන් ගන්න එපා සහෝදරයා” යනුවෙන් කියනු ද අසන්නට ලැබේ. මෙහිදී පැවැත්වුණේ ඉල් මහ විරු සමරුවකි. මෙම ස්ථානයේ රැස්ව සිටි කොටි හිතවාදීන් “ශ්‍රී ලංකා රජය, ත්‍රස්තවාදී රජය – ‘නවත්වන්න, ජන සංහාරය නවත්වන්න” මැයෙන් සඳහන් බැනර් හා කොටි ධජ ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නිරත වූහ. ඔවුහු සිංහල ජනතාවට එරෙහිව ද සටන් පාඨ කීහ. දෙමළ ඊළාම් භූමිය ශ්‍රී ලංකා රජය විසින් ආක්‍රමණය කර ඇතැයි යනුවෙන් සඳහන් බැනරයක් ද මොවුන් අත විය.

මෙම විරෝධතාව කොටි හිතවාදී ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවියේ ඉහළින්ම වාර්තා කර තිබූ අතර එහි සඳහන් වූයේ 2005 දී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ජවිපෙ සහාය ලබා දුන් බවයි. ටිල්වින් සිල්වා මහතා බි්‍රතාන්‍යයේ ජනතා විමුක්ති පෙරමුණු ශාඛාවේ ආරාධනයකට අනුව එරට සංචාරයේ නිරත වී තිබේ.
චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here