කොළඹ LNW: කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද (21) පස්වරුවේ කොළඹ ලිප්ටන් වටරවුම අසලදී පැවැත්විය.
කරුණු කිහිපයක් මුල්කරගනිමින් එය සංවිධානය කර තිබුණු අතර රනිල් – කෙහෙළිය ගෙන ආ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මගඩිය වහා නවතන ලෙසත්,කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය විකිණීම වහා නවතන ලෙසත් රජයේ සමසෞඛ්‍ය උපාධිධාරීන් කුසලතා පදනම මත බඳවා ගන්න ලෙසත් එහිදී විශේෂ අවධානයක් යොමුකර තිබුණි.
පන්දම් දල්වමින් සිය විරෝධය පළකරන ආකාරයද එහිදී දක්නට ලැබීය.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න
සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න
Saru FM Media