
අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ නරග සීමාව ඇතුළු අවට ප්‍රදේශ රැසකට ලබන 25 වනදා (ඉරිදා) පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ 01 සිට 15 දක්වා, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, අයි.ඩී.එච්., මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවලට එම කාලයේ ජල සැපයුම අත්හහිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
Saru FM Media