ඉරාන – අමෙරිකා සාම සාකච්ඡාවේ නවතම තොරතුරු

0
3

ඉරානය සහ අමෙරිකාව අතර සෘජු සාම සාකච්ඡා මේ වන විට පාකිස්තානයේදී ආරම්භ වී තිබේ.

————————-

Update – 07.30AM

ඉරානය සහ එක්සත් ජනපදය අතර පැවැති සාම සාකච්ඡා සඳහා එක්සත් ජනපදය සද්භාවයෙන් පැමිණි බව එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසා තිබේ.

පැය 12කට අධික කාලයක් පුරා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හී පැවැති සාම සාකච්ඡාවෙන් පසු පළමුරවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු උප ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඉරානය එක්සත් ජනපදයේ කොන්දේසිවලට එකඟ නොවූ බවත් දෙරට අතර සාකච්ඡාවෙන් පසු එකඟතාවක් ඇති නොවූ බවත් ය.

ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් නැවැත්වීම මූලික ඉලක්කයක් බව සඳහන් කළ උප ජනාධිපතිවරයා  පවසා ඇත්තේ අදාළ සාම සාකච්ඡාවලින් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීමෙන් පසු එක්සත් ජනපදය පාකිස්තානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බවය.

කෙසේ වෙතත් සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තානයට සිය ස්තූතිය පළ කරන බවද ඔහු මෙහිදී සඳහන් කර තිබේ.

————————–

Update – 07.00AM

ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Esmaeil Baqaei විසින් සාම සාකච්ඡාවල වර්තමාන තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු විස්තර කරන්නේ මෙම සාකච්ඡා ඉතා තීව්‍ර වූ බවය.

කෙසේ වෙතත්, දැනට පවතින සාකච්ඡාවල සාර්ථකත්වය රඳා පවතින්නේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ බැරෑරුම්කම සහ අවංකභාවය මත වන බවද එහි සඳහන්. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here