මැදපෙරදිග යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හිදී අද (11) ආරම්භවීමට නියමිතය.
අදාළ සාකච්ඡා සඳහා අමෙරිකාව වෙනුවෙන් එරට උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ට ඇතුළු පිරිසක් පාකිස්තානය වෙත පැමිණ සිටියි.
ඉරානය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරාග්චිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා එක්ව ඇත.
ඉරානයට එරෙහිව අමෙරිකාව හා ඊශ්‍රායලය ඉකුත්
පෙබරවාරි 28වනදා ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කළේය.
එතැන් සිට දින 40ක් පුරා ගැටුම් පැවති අතර, එයට තාවකාලික විරාමයක් ලබාදෙමින් පාකිස්තානයේ මැදිහත්වීමෙන් අප්‍රේල් 8 වනදා සිට මේ වනවිට සති දෙකක සටන් විරාමයක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම යුද්ධය හේතුවෙන් ලොව පුරා රටවල් රැසකට බලපෑම් එල්ල වී ඇත.
Saru News















