ඉරාන අධ්‍යාත්මික නායක කමේනිගේ අභාවය වෙනුවෙන්  දිලිත් අවසන් ගෞරව දක්වයි

0
2

ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ අභාවය වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීම සඳහා සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඉරාන තානාපති කාර්යාලයට ගොස් තිබේ. 

මේ පිළිබඳ ෆේස්බුක් සටහනක් තබමින් දිලිත් ජයවීර මහතා සටන් කර ඇත්තේ, අල් කුමේනි ශ්‍රී ලාංකික අපගේ කළණ මිතුරෙකු වන බවත් මෙරට තිස් අවුරුදු යුද්ධය නිමා කිරීම සඳහා බොහෝ උපකාර කළ අයෙකු බවත්ය.

එතුමා ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි නායකයෙකු බව ද දිලිත් ජයවීර මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

ඉරාන අධ්‍යාත්මික නායක, අයතුල්ලා අල් කමේනිගේ අභාවය පිළිබඳ තමා බලවත් කණගාටුවත් විරෝධයත් පළ කළ අතර, එතුමාට ස්වර්ග සුවය ප්‍රාර්ථනා කරන බවද දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here