ඉරානයට එල්ල වූ දරුණු ප්‍රහාර මාලාවක් හමුවේ එරට සුප්‍රසිද්ධ Azadi ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණය මුළුමනින්ම පාහේ විනාශ වී ඇති බව ඉරාන රාජ්‍ය විකාශන සේවය වාර්තා කර තිබේ.
වසර ගණනාවක් පුරා ජාත්‍යන්තර පාපන්දු තරග සහ විවිධ ක්‍රීඩා ඉසව් සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස භාවිත වූ මෙම ක්‍රීඩාංගණයට එල්ල වූ ප්‍රහාරයත් සමඟ එහි විශාල ප්‍රදේශයක් ගිනිගෙන ඇති බව වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉරාන මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කරන ලද වීඩියෝ දර්ශනවලට අනුව, ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාර පවතින අතර ගොඩනැගිලි පද්ධතියට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
Saru News












