ඉරානයේ හමුදා නායකයින් රැසක් මියගොස් ඇති බවට ඊශ්‍රායල අගමැති කියයි – නවතම තත්ත්වය මෙතැනින්

0
2

UPDATE – 12. 40 බෙන්ජමින් නෙතන්යාහු විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ ඉරානයේ උත්තරීතර නායක උත්තරීතර නායක අයතුල්ලා කමේනිගේ පරිශ්‍රය විනාශ වී ඇති බවත් විප්ලවවාදි ආරක්ෂක අණඛ දෙන නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික නිලධාරීන් මියගොස් ඇති බවය.

—————

UPDATE – 12. 30 රෆා ඇතුළු ගාසා තීරයට ඇතුළුවන මාර්ග වසා දැමීමට ඊශ්‍රායලය කටයුතු කර තිබේ.

පලස්තීන ප්‍රදේශවල රජයේ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමේ වගකීම ඇති ඊශ්‍රායලය පවසන්නේ ඉරානයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලින් පසුව ගනු ලැබූ පියවරයන් මගින් නැවත දැනුම්දෙන තුරු ගාසා තීරයට ඇතුළු වන හරස් මාර්ග සහ රෆා මාර්ගය වසා දැමීමට පියවර ගන්නා බවය.

—————

UPDATE – 12. 25 එක්සත් අරාබි එමීර් රාජ්‍ය පදිංචිකරුවන්ට සහ පුරවැසියන්ට ගෘහස්තව රැඳී සිටින ලෙස ඉල්ලා තිබේ.

—————

UPDATE – 12. 20 ඉරාන ප්‍රහාරවලින් අවම හානියක් සිදුවූ නමුත් ජීවිත හානි සිදු නොවූ බව අමෙරිකානු හමුදාව පවසයි.

—————

UPDATE – 12. 15 ඉරානයට එල්ල කරන ලද අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර චිලී රාජ්‍යය හෙළා දකියි.

—————

UPDATE – 12. 04 යෙමන කැරලිකාර කණ්ඩායමේ නායක අබ්දුල් මලික් අල් හවුති ඉරානයට එල්ල කරන ලද අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර කුරුරු, හෙළා දැක තිබේ. එමෙන්ම අමෙරිකානු කඳවුරුවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඉරානයට අයිතියක් ඇති බවටද ඔවුන් පවසයි.

ඊයේ දිනයේ යාවාත්කාලීන කිරීම් මෙතැනින් – හෝමූස් සමුද්‍ර සන්දිය හරහා ඉන්ධන නෞකා ගමනාගමන කටයුතු අත්හිටුවයි

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here