ඉරානයේ යුද්දය ඉරාකයේ පාපන්දුනට හරස් වෙයි.

0
4

නිශ්මං රණසිංහ ,මාර්තු 06 කොළඹ LNW:

පසුගිය සති අන්තයේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ දා සිට ඉරාක ගුවන් අවකාශය වසා දැමීම වගේම මැද පෙරදිග අර්බූදය හේතුවෙන් ඇැම් තානාපති කාර්යාල ද ඉරාකයෙන් ද ඉවත්ව තිබෙන තත්ත්වයක මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගවලට සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා මාර්තු 27 වන දා බොලිවියාව සහ සූරිනාම් අතර පැවත්වෙන තරගයේ ජයග්‍රාහී කණ්ඩායම සමඟ අප්‍රේල් පළමුවන දින ඉරාකය තරග කළ යුතුව තිබෙනවා.මෙක්සිකොවේ Monterrey Stadium හී මෙම තරග පැවත්වීමට නියමිතව තිබෙන අතර දැන් ඉරාක කණ්ඩායම ඇති වී තිබෙන තත්ත්වය මත වීසා ලබා ගැනීමට අපහසු තත්ත්වයකට ද මුහුණ දී සිටිනවා.
“ගුවන් අවකාශය වසා දැමීම නිසා, අපගේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ආර්නෝල්ඩ්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණීමට හැකියාවක් ද නැහැ‘ යනුවෙන් ඉරාක පාපන්දු බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

“තත්වය පිළිබඳව විමසිල්ලෙන් සිටින FIFA සහ AFC යන දෙඅංශය සමඟම අපි සමීප සම්බන්ධතා පවත්වන බවට අපි අපේ ආධාරකරුවන්ට සහතික වෙනවා”ඔවුන් නිරන්තරයෙන් මේ ගැන අවධානයෙන් කටයුතු කරමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මෙන්ම ආසියානු පාපන්දු සම්මේලනයේ ද පිරිස් වෙත අවධාරණය කරමින් සහය ඉල්ලා සිටීම නොනැවතී සිඳු කරන බව පවසනවා.

FIFA හි ශ්‍රේණිගත කිරීම්වල 58 වන ස්ථානයේ සහ ආසියාවේ හත්වන ස්ථානයේ සිටින ඉරාකය මේ තරගාවලිය තුළ දක්වා තිබෙන දස්කම් අනුව ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකි මට්ටමක දක්ෂතා දක්වා තිබෙනවා.එහෙත් මේ සියල්ල තීරණය කරන සාධකය වී ඇත්තේ ඔවුන්ගේ රට ආසන්නයේ පවතින යුද්ධයයි.ටම් වන විටත් ඉරානය මෙවර තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර ඔවුන් පමණක් නොව සුදුසුකම් ලබා සිටින තවත් මැද පෙරදිග රටවලට ද ලෝක කුසලානය නියෝජනයට හැකිවේද යන්න පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකයි.

The post ඉරානයේ යුද්දය ඉරාකයේ පාපන්දුනට හරස් වෙයි. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here