ඉරානයේ බලශක්ති මූලාශ්‍ර සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

0
3

ඉරානය, අමෙරිකාව සමඟ එකඟතාවයකට පැමිණ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට පියවර නොගතහොත්, එරට විදුලි බලාගාර සහ තෙල් නිඳි පුපුරුවා හැර සම්පූර්ණයෙන්ම විනාශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

“ඉරානය තුළ අපගේ හමුදා ක්‍රියාන්විතයන් අවසන් කිරීම සඳහා වඩාත් සාධාරණ නව පාලන තන්ත්‍රයක් සමඟ එක්සත් ජනපදය දැඩි සාකච්ඡාවල නිරතව සිටිනවා. ඒ සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් ලබා තිබුණත්, කිසියම් හේතුවක් මත නුදුරේදීම එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ව්‍යාපාර කටයුතු සඳහා වහාම විවෘත නොකළහොත්, අප මෙතෙක් අත නොතැබූ ඉරානයේ සියලුම විදුලි උත්පාදන මධ්‍යස්ථාන, තෙල් ළිං සහ කාර්ග් දූපත, සියලුම ලවණ ඉවත් කිරීමේ බලාගාර පවා පුපුරුවා හැර සම්පූර්ණයෙන්ම විනාශ කිරීමෙන් පසු අපි යුද්ධය අවසන් කරනවා.”

මීට අමතරව, ඊයේ රාත්‍රියේ ‘Financial Times’ පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ තෙල් සම්පත අත්පත් කර ගැනීමේ හැකියාව පිළිබඳව අදහස් දක්වා තිබුණි.

ඉරානයේ ප්‍රධාන ඉන්ධන අපනයන මධ්‍යස්ථානය වන කාර්ග් දූපත අත්පත් කර ගන්නේද යන්න පිළිබඳව සලකා බලමින් සිටින ඔහු, එහිදී පවසා ඇත්තේ තම අරමුණ වන්නේ තෙල් ලබා ගැනීම බවය.

මෙම ප්‍රකාශයන් සමඟ අද (30) ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගිය අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 116 සීමාව ඉක්මවා ගියේය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here