ඉරානයෙන් ඊශ්‍රායලයට දිගටම බැලැස්ටික් මිසයිල ප්‍රහාර

0
2

ඉදිරියට තවත් සති තුනක් ඉරානයට එරෙහි මෙහෙයුම් කිරීමට සූදානම් බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා නිවේදනය කර තිබේ.

ඉරානයට එරෙහිව ඇමෙරිකාව සමග ඒකාබද්ධ යුද්ධයේදී ඊශ්‍රායල ආරක්ෂක හමුදා මෙහෙයුම සැලැස්මට අනුව ඉදිරියට යන බවත්, මුලින් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වේගවත් බවත් හමුදා නිලධාරීන් ඉරිදා (15) පවසා තිබේ.

ටෙහෙරානයේ සහ එරට අනෙකුත් ප්‍රදේශවල පහරදීමට තවත් ඉලක්ක දහස් ගණනක් ඇති බැවින්, ඉරානයට එරෙහිව අවම වශයෙන් තවත් සති තුනක මෙහෙයුම් සඳහා සූදානම් වන බව හමුදාව පවසයි.

“අපට ඉදිරියෙන් ඉලක්ක දහස් ගණනක් ඇත” IDF‍ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජනරාල් එෆී ඩෙෆ්රින් ඉරිදා සීඑන්එන් වෙත පවසා තිබේ. 

ඉරානයට එරෙහි වත්මන් මෙහෙයුම් 2025 ජුනි මාසයේ පැවති දින 12 ක යුද්ධයට වඩා වෙනස් බවත් ඔහු කියයි.

 

පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භ කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පසුව, ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි සහ ඉරානයේ ඉහළ නිලධාරීහු 40 කට වැඩි පිරිසක් මේ වනවිට ඝාතනයට ලක්වී තිබේ.

නමුත් ඉරානය මේ වනවිටත් දිගින් දිගටම ඊශ්‍රායලය වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කරයි.

ඊයේ (16) ඉරානයට එරෙහි යුද්ධයේ 17 වැනි දිනය සනිටුහන් විය.

ඩ්‍රෝන ප්‍රහාරයකින් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරාහි කාර්මික කලාපයක ගින්නක් හටගෙන තිබේ.

ඊයේ (16)  ඩුබායි ගුවන්තොටුපළට ද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය.

රියාද් සහ නැගෙනහිර කලාපවලට ඉහළින් පියාසර කළ ඩ්‍රෝන ප්‍රහාරක යානා තුනක් විනාශ කළ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සෞදි ගුවන් ආරක්ෂක පද්ධති මගින් මෙම ඩ්‍රෝන යානා වෙඩි තබා බිම
හෙලූ බවය.

හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කර ගැනීම සඳහා යුද නෞකා එවන ලෙස තමන් රටවල් හතකගෙන් පමණ ඉල්ලා සිටි නමුත්, ඉරාන යුද්ධය හේතුවෙන් තෙල් මිල ඉහළ යමින් පවතින පසුබිමක පවා එම ඉල්ලීම්වලට මෙතෙක් නිශ්චිත එකඟතාවක් ලැබී නොමැති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ජපානය හා ඔස්ටේ්‍රලියාව තමන් යුද නැව් සහභාගි නොකරන බව ප්‍රකාශ කර තිබේ.

එසේම ඉරානය සමග සාකච්ඡාවකට සූදානම් බවත් ජනපති ට්‍රම්ප් පවසා තිබේ.

එහෙත් ඉරානය කියන්නේ තමන් කිසිම විටක සටන් විරාම ඉල්ලා නැති බවය.

📌 සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here