ඉරානයට සම්බාධක පැනවේ !

0
4

වසර 10කට පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවතත් , ඉරානයට ආර්ථික හා ආයුධ සම්බාධක පැනවීමට තීරණය කර තිබේ .

2015 වර්ෂයේ දී න්‍යෂ්ටික බෝම්බයක් සංවර්ධනය කිරීම නැවැත්වීම අරමුණු කරගත් ගිවිසුමක් උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වීමත් සමඟ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය ඉරානයට එරෙහිව සම්බාධක නැවත පැනවීමට හේතු විය.

සම්බාධක පැනවීමේ තීරණය වළක්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් කරා යෑම සඳහා , ඉරානයට දින 30ක කාලයක් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .
එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල සේවය කළ තානාපතිවරුන් කිහිපදෙනෙකු ආපසු කැදවීමට ද ඉරානයපියවර ගෙන ඇති බව එම විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ .

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමෙන් පසු ඉරානය බලා පිටත්ව යන අතරතුර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ ,ටෙහෙරානයට න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමේ කිසිදු අදහසක් නොමැති බව ය .

මෙය ඉස්ලාමීය ජනරජය බිඳ දැමීමට එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ඇති අවශ්‍යතාවක් බවත් හැම මාසයකම තමන්ගේ ගෙලට තොන්ඩුවක් සිරකර ගැනීමේ වුවමනාවක් නොමැති බවත් ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ .

මෙම සම්බාධක පැනවීමේ තීරණය මාස හයකින් ප්‍රමාද කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වුවද සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් කවුන්සිලය තුළ ඊට ලැබුණේ ඡන්ද හතරක් පමණකි.

මෙම සම්බාධක පැනවීම අද (28) සිට බලාත්මක වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here