ඉරානයට එල්ලවන ප්‍රහාර එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩිව හෙළාදකී

0
2

යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ ස්වාධීන පරීක්ෂණ කණ්ඩායම, එරටට එල්ල වූ අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර දැඩි ලෙස හෙළා දැක තිබේ.

එක්සත් ජාතීන්ගේ ඉරානය පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර සත්‍ය සෙවීමේ මෙහෙයුම (UN Independent International Fact-Finding Mission on Iran) නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම ප්‍රහාර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනි බවය.

“මෙම ප්‍රහාර… ඕනෑම රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහිව බලය භාවිතා කිරීම තහනම් කරන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනි වේ,” යැයි එම ප්‍රකාශයේ සඳහන් වේ.

මෙම විමර්ශන කණ්ඩායම පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර නීතියට ගරු කරමින් කටයුතු කිරීම සියලුම පාර්ශවයන්ගේ වගකීමක් බවයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here