ට්‍රම්ප් සහ නෙතන්යාහු ඉරාණ දේශපාලනය වැරදි පැත්තෙන් කියවලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ.
ඔවුන් අවුරුදු 30 ට එහා ඉදලා මෙහාට ඉරාණ ඉතිහාසය කියවනවා වෙනුවට, මෙහෙ ඉඳන් අතීතයට ඉරාණ දේශපාලනය කියවලා.
ඒ නිසා ඔවුන්ගේ තේරුම් ගැනීම වෙලා තියෙන්නේ ඉරාණ ආගමික නායකත්වය සමග හමුදා නායකත්වය විනාශ කෙරුවම, ජනතාව අලුත් නිරාගමික රාජ්‍ය පාලනයක් වෙනුවෙන් පාරට එයි කියලා.
නමුත් පසුගිය දසක 2ට වැඩි කාලයක ඉරාණ රාජ්‍ය පාලනය එවැනි කිහිප දෙනෙකු ගේ පාලනයක් නොවන, පාලන ධූරාවලියක් හැටියට සංවිධානය වූවක්.
ඒ නිසා අයතොල්ලා අලි කමෙනෙයි ගෙ සහ අනෙක් අයගේ පුරප්පාඩු පුරවන අතර, ඉරාණය ඊශ්‍රායලයට අමතරව, අරාබිකරයේ ඇමෙරිකානු හමුදා කඳවුරු ගණනාවක් විනාශ කිරීමේ මිසයිල ප්‍රහාර දියත් කරනවා.
ඔවුන් අරාබි දේශසීමා අහෝසි කරලා. ඇමෙරිකානු හමුදා කඳවුරු ඇති රටවල් ගණනාවකට එකවර යුද්ධය ගෙන ගියා. දැන් ට්‍රම්ප් ඒ රටවල් ගණනාවට ආරක්ෂාව ලබා දීමේ උගතෝකෝටියකට මැදි වෙලා.
ඒ නිසා ඉදිරි දින කිහිපය තීරණාත්මක වෙන්නෙ අලි කමෙනෙයි අහිමි වුන ඉරාණයට නෙවෙයි. රටවල් ගණනාවක හමුදා කඳවුරු විනාශ වුන ට්‍රම්ප්ට සහ ට්‍රම්ප් ගෙ හයිය ගැන විශ්වාසය තැබුව නෙතන්යාහුටයි.
අපි මේ යුද්ධයෙන් අතරමං වන හැටි වෙනම කතා කළ යුත්තක්.

දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී – කුසල් පෙරේරා
2026 මාර්තු 01
Saru News
















