ඉරාකය හරහා හමා ගිය වැලි කුණාටුවකින් පුද්ගලයන් 1,800කට ශ්වසන ආබාධ

0
19


මධ්‍යම සහ දකුණු ඉරාකය හරහා හමා ගිය වැලි කුණාටුවක් හේතුවෙන් එරට 1,800කට අධික පිරිසකට ශ්වසන ආබාධ ඇති වී තිබෙනවා. 

අදාළ පිරිස මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍aය පැවසුවේ. 

ඒ අනුව දකුණු ඉරාකයේ මුතාන්නා ප්‍රාන්තයේ පුද්ගලයින් 700ක්, නජාෆ් ප්‍රාන්තයේ පුද්ගලයින් 250කට අධික පිරිසක් සහ දිවානියා ප්‍රාන්තයේ පුද්ගලයන් 322ක් රෝහල් ගත කළ පිරිසට අයත් වනවා. 

හමා යන වැලි කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ප්‍රාන්ත කිහිපයක විදුලිය ද විසන්ධි වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

මේ අතර දකුණු නජාෆ් සහ බස්රා ප්‍රාන්තවල ගුවන් තොටුපොළවල්   කිහිපයක් ද තාවකාලිකව වසා දමා තිබෙනවා. 

ඉදිරි දින කිහිපයේදී වැලි කුණාටු තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි එරට පරිසර අමාත්‍යාංශය අනතුරු අඟවා ඇත්තේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here