ඉමිතියාස් බාකිර් මාකර් සජිත්ගේ යෝජනාව යළි ප්‍රිතික්ෂේප කරයි…

0
3


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර්ව යළි එම පක්ෂ සභාපති ධුරය භාර ගැනීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආරාධනා කළද එය ඔහු ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
පසුගිය මහ මැතිවරණයෙන් පසු ඉමිතියාස් බාකිර් මාකර් එම ධුරයෙන් ඉල්ලා අස් වූ නමුත්, පසුව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුව නැවත පත් කරන ලදී. එසේ වුවද, ඔහු එම ධුරය භාර නොගැනීමට තීරණය කර ඇති බව පැවසේ.
එමෙන්ම මේ වනවිට සමගි ජන බලවේගය තුළ අභ්‍යන්තර අර්බුද ගණනාවක් මතුව ඇති බව වාර්තා වන අතර පක්ෂයේ ප්‍රභලයන් කිහිප දෙනෙකුම සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.
මේ වනවිට සමගි ජන බල වේගයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ආසන සම සංවිධායක අශෝක සේපාල, හොරොව්පොතාන ආසනයේ සංවිධායක අනුර බුද්ධික ඉල්ලා අස්වී ඇති අතර මීට අමතරව මාතලේ, ගාල්ල, කොළඹ ආදී දිස්ත්‍රික්ක කිහිපයකම ආසන සංවිධායකයින් ඉල්ලා අස් වී තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here