“තේ පැන් දින දින වැඩි වැඩියේ..බීමෙන් සිරුරට සැප වැඩි වේ” කියන පැරණි ගීය ඔබ අහලා ඇති.ඒත් තේ වලින් සිරුරට ලැබෙන ගුණ ගැන ඔබට අදහසක් තිබුණා ද?
අපි බොන තේ අතරින් Black Tea කියලා හඳුන්වන තේ වර්ගය ඇත්තටම කළු පාට නෑ.එය රතු පැහැ තේ වර්ගයක්.සෞඛ්‍ය රැක ගන්න තේ බොන්න කැමති ඔබට Black Tea වලින් ලැබෙන ප්‍රයෝජන තමයි මේ.
අධි රුධිර පීඩනය බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක්.ඔබ දිනකට කළු තේ කෝප්පයක් හෝ පානය කරනවා නම් මේ ගැටළුවට සාර්ථක විසඳුම් හොයන්න පුලුවන්.
දිනකට බ්ලැක් ටී කෝප්පයක් පානය කිරීමෙන් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම අඩු වෙනවා.
මුඛ සෞඛ්‍ය අපිට ඇති ලොකු ගැටලුවක්.දත් කුහර ඇති වීමෙන් දැඩි අපහසුතා සහ වේදනාවලට ලක් වෙන අයට බ්ලැක් ටී කෝප්පයකින් ඒ අපහසුතා මඟ හැර ගන්න පුලුවන්
බ්ලැක් ටී සීනි රහිතව පානය කිරීමෙන් ඔබට දියවැඩියාව මනාව පාලනය කර ගන්න පුලුවන්.කෑම වේලකට මඳ වේලාවකට පසු ඔබට බ්ලැක් ටී කෝප්පයක් පානය කළ හැකි නම් රුධිරගත සීනි මට්ටම පාලනය කර ගන්න පුලුවන්.
ඊට අමතරව කාන්තාවන්ට තිබෙන රූපලාවණ්‍ය ගැටලු කිහිපයකටත් විසදුම් ලෙස black tea වලින් ප්‍රතිකාර කල හැකියි.
සීතල කර තේ බෑග් ඇස් වටා සහ Wrinkles වලට යෙදීමෙන් ඔබට සමේ රැළි ගතිය අඩු කරන්න පුලුවන්.ඒ වගේම සමේ ඇති කැළැල් අවම කරන්නටත් සමත්.
කළු තේ වලින් හිස සේදූ වූ ඔබේ හිස කෙස් දීප්තිමත් ලෙස බබළවන්නට සමත්.
නමුත් ඔබ ඉරුවාරදය හෝ හිසරදය වැනි රෝග වලින් පෙළෙනවා නම් බ්ලැක් ටී පානය කරන්න එපා. ඒ වගේම ඔබ වැඩි වශයෙන් බ්ලැක් ටී පානය කිරීම නිසා නින්ද නොයාමේ අපහසුතා හට ගන්න පුලුවන්.ඒ නිසා රෑ නින්දට කලින් නම් බ්ලැක් ටී බොන්න එපා.
දවස ප්‍රබෝධමත් කරන්න බ්ලැක් ටී එකක් පානය කරන්න පුරුදු වෙලා හිටියට ඔබට ඉන් ලැබෙන ප්‍රයෝජන ගැන තේරුමක් තිබුණේ නැත්නම් ඔන්න දැන් ඔබ දන්නවා ඉන් ඔබට ලැබෙන වාසි ගැන. ඒ වගේම ඔබ නිතරම තේ පානය කරන්න පුරුදු වෙලා ඉන්නව නම් black tea කියන්නෙ ඒ සදහා සුදුසු තවත් පානයක් බවත් අපි ඔබට මතක් කරනව.
Saru FM Media