දඩයමේ ගොස් තුවක්කුව ඉනේ ගසාගෙන යතුරු පැදියෙන් යළි නිවසට එමින් සිටියදී ගිණි අවිය පත්තු වී තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රථිකාර සදහා රෝහලට ඇතුලත් කිරීමෙන් මියගොස් ඇතැයි වලස්මුල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 12 ඉංජිනේරු බලකායට අනුයුක්තව වසර 09 පමන කාලයක් සේවය කර පසුව සේවයට වාර්තා නොකර සිට යළිත් හමුදාවට බාර වී නිත්‍යානුකූල ඉන් ඉවත්ව ඇති තලගහවත්තලරදනිආරල කිරම වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තිදරු පියෙකි.
මරණකරු වඩු කාර්මිකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී 14 වන දින රාත්‍රි සතුන් දඩයමේ ගොස් තිබේගඑලෙස දඩයමේ ගොස් සතුන් දඩයම් නොවිම නිසා මෙරට නිශ්පාදිත කොටන තුවක්කුවද ඉනේ ගසාගෙන අලුයම 02ට පමණ යතුරු පැදියෙන් යළි නිවසට එමින් සිටියදි ඔහුගේ නිවස ආසන්නයේදීම එකවර තුවක්කුව ක්‍රියාත්මක වී තිබේ.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු ඔහු ප්‍රථිකාර සදහා වළස්මුල්ල මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පසු ඊයේ (15දා) අළුයම මිගොස් ඇත.
Saru FM Media