ඉන්න තැනක් නැති 2281ක්! Sri Lanka Latest News

0
23


ලංකාවේ සාමාන්‍යයෙන් පදිංචි ස්ථානයක් නොමැතිව එළිමහනේ ජීවත්වන පුද්ගලයන් 2,281ක් සිටින බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද ජන හා නිවාස සංගණන වාර්තාව අනුව පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. Sri Lanka Latest News

මෙයින් වැඩිම පිරිසක් සිටින්නේ බස්නාහිර පළාතේ වන අතර, එය 841කි.

කොළඹ දිස්ත්‍රික්කය තුළ 536ක්ද, ගම්පහ දිස්ත්‍රික්කය තුළ 229ක්ද, කළුතර දිස්ත්‍රික්කය තූළ 76ක්ද, ස්ථිර වාසස්ථානයක් නොමැතිව හෙවත් ජීවත් වීමට නිවසක් නොමැතිව සිටින බව වාර්තා වේ.

මධ්‍යම පළාත තුළ එවැනි පුද්ගලයන් 173ක් සිටින බවත්, දකුණු පළාත තුළ 307ක් සිටින බවත්, වයඹ පළාත තුළ එවැනි පුද්ගලයන් 248ක් සිටින බවත් සඳහන්ය.

තවද, සබරගමු පළාතේ 217ක්, ඌව පළාතේ 125ක් සහ උතුරුමැද පළාතේ 207ක් හිසට වහලක් නොමැතිව ජීවත්වන බව අනාවරණ වී ඇත.

දිස්ත්‍රික්ක වශයෙන් ගත්කල කොළඹ, ගම්පහ, මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල සාපේක්ෂව ඉහළ අගයකින් යුක්ත පිරිසක් නිවාස නොමැතිව ජීවත්වන බව එම වාර්තාවලින් හෙළිව තිබේ.

ප්‍රේමලාල් විජේරත්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here