Friday, May 2, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල පහළට

0
4


fuel-price-down

 අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 293කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 341ක් වේ.


සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 274කි.
එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 325ක් වේ.
ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 178කි.
සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
මේ අතර, ලංකා IOC සමාගම හා සයිනොපෙක් සමාගමද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.


gossiplanka image 1



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here