ඉන්ධන මිල තුනට බෙදයි… – Saru News | සිංහල

0
2

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ශීග්‍රයෙන් ඉහළ යාම රජයට පමණක් දරාගත නොහැකි බවත් මෙරට පෞද්ගලික අංශය විසින් 43%ක වෙළඳපොළ කොටසක් සපයන බවත් ඒ අනුව රජය, ඉන්ධන බෙදා හැරීමේ සමාගම් සහ ජනතාව එම මිල ඉහළ යාමෙන් කොටසක් බැගින් දරාගැනීමේ ක්‍රමවේදයක් අනුව මිල ගණන් ගලපා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් පෙන්වා දෙනු ලැබීය.

එහිදී ඔහු සඳහන් කළේ පෞද්ගලික අංශය විසින් මාර්තු 06 වෙනි දින සමස්ත ඉන්ධ මිල ලීටරයක් රුපියල් 140කින් වැඩි කරන ලෙස ඉල්ලා සිටි බවත් මේ වනවිට එය රුපියල් 200කින් වැඩි කරන ලෙස නැවත එම සමාගම් රජයෙන් ඉල්ලා ඇති බවත්ය.

එහෙත් එම මිල වැඩිවීම සම්පූර්ණයෙන්ම ජනතාව මත පැටවීමෙන් තොරව රජය ඛනිජ තෙල් සංස්ථාව සහ පෞද්ගලික සමාගම් මෙන්ම ජනතාව යන පාර්ශව තුනම යම් කැපකිරීමක් කරමින් දරාගන්නා ආකාරයට මිල ගණන් සංශෝධනය කර ඇති බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here