ඉන්ධන ප්‍රශ්නය බරපතල බව සභාපති රාජකරුණා කියයි

0
3

ඉන්ධන සම්බන්ධයෙන් වර්තමාන තත්වය සාමාන්‍ය තත්වයක් නොව ඉතාම දරුණු තත්වයක් බවත්, එම ප්‍රශ්නයට මුහුණදීමට සාමූහිතව කටයුතු කළයුතු බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (10) පැවසීය.

ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව කරුණු පැහැදිළි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේදී අද (10) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඩී. ජේ. රාජකරුණා එසේ පැවසීය.

අනවශ්‍ය ගමන් බිමන් අඩු කර, අත්‍යවශ්‍ය දේකට පමණක් තෙල් වැයකරන ලෙස ජනතාවට ආයාදනා කරන බවත් තෙල් මිල මෙම මිලේම පැතුණ හොත් හෝ මිල වැඩි වුවහොත් රටක් හැටියට නොව ලෝකයම හැටියට මුහුණදිය නොහැකි තත්වයකට පත්වන බවත් ඒ මහතා සඳහන් කළේය.

ප්‍රමාණවත් තෙල් සැපයුමක් ඇති නිසා ජනතාවට කළබල නොවන ලෙස ප්‍රකාශ කළ බවත් ගබඩා පහසුකම් සීමිත නිසා මෙම මස ලැබෙන්නේ යැයි තහවුරු කළ නැව්වල එකතුවත් සමඟ ඉතා පැහැදිළිව තෙල් තොග පිළිබඳව දැනුම් දුන් බවත් ඒ මහතා කීය.

යුද්ධ නොමැති කළාපවලින් තෙල් ලැබීම තහවුරු වී තිබුණ ද මේ ආකාරයට තෙල් මිල සියයට 100 කින් ඉහළ යන්නේ යැයි තහවුරු වී නොතිබුණු බව කී ඒ මහතා මෙම මස ලැබුණු නැව්වල තෙල් බෙදාහරිමින් ඇති බව ද සඳහන් කළේය.

පසුගිය සතිය තුළ ඩීසල් මෙටි්‍රක්ටොන් 59,200 ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙටි්‍රක්ටොන් 47,500 ක් ලෙස සාමාන්‍ය පරිභෝජනයට ඉහළින් ඉන්ධන පාවිච්චි කර ඇති බවත් මෙම මස මැද දක්වා පාවිච්චි කිරීමට තිබූ තෙල් ජනතාව අතේ ඇති බවත් රාජකරුණා මහතා කීය.

අඩු මිලට ගත් ඉන්ධන අවසන් වී මෙම මස 1 වැනිදා සහ 7 වැනිදා ඉන්ධන නැව් ලැබුණු බව කී රාජකරුණා මහතා ඒ අනුව දැන් නිකුත් කරන ඉන්ධනවල මිල අනිවාර්යෙන්ම වැඩි වන බව ද සඳහන් කළේය.

සාමාන්‍ය ක්‍රමයට අනුව මාසයක මුල් සතියේ මිල වැඩි කළ ද නමුත් යුද්ධ කියන අසාමාන්‍ය තත්වයකදී තෙල් මිල මේ ආකාරයට ඉහළ යෑම ද අසාමාන්‍ය බවත් ඩීසල් නෞකා දෙකකට ආසන්න ප්‍රමාණයක් පසුගිය දින 9 තුළ පුච්චා ඇති බවත් ද ඒ මහතා වැඩිදුරටත් කීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here