ඉන්ධන තොග රැස් කරන්නන් අත්අඩංගුවට ගන්නා බව ඛනිජ තෙල් සභාපති කියයි – Saru News | සිංහල

0
2

බලපත්‍රයක් නොමැතිව නිවාසවල ඉන්ධන තොග රැස් කර තබා ගැනීම, නීති විරෝධී හා අවදානම් ක්‍රියාවක් බවත් ඒ සම්බන්ධයෙන් දැඩි ව නීතිය ක්‍රියාත්මක කරන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා පවසයි.

අද (02) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඊයේ (01) දිනයේද ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බවත් මෙසේ තෙල් තොග රැස් කරන්නන් පිළිබඳව යම් තොරතුරක් ඇත්නම් ඒ ගැන පොලිසිය දැනුවත් කරන ලෙසත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා වැඩිදුරටත් අවධාරණය කරයි.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here