ඉන්දු – පාකිස්ථාන විරසකය මැද IPL නවතී ද? – පකිස්ථාන සුපර් ලීග් තරගත් එමීර් රාජ්‍යයට

0
7


ඉන්දියාව සහ පාකිස්ථාන අතර මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අඛණ්ඩව පවත් වනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ඉන්දීය රජයේ නියෝග බලාපොරොත්තුවෙන් සිටින බව තරගාවලි සංවිධායකයින් පවසනවා.

IPL තරගාවලි සභාපති අරුන් දුමාල් පවසා ඇත්තේ එතෙක් තරගාවලිය නියමිත පරිදි ක්‍රියාත්මක වන බවයි.

මේ අතර ධරම්සාලාහී ඊයේ පැවති IPL තරගාවලියේ පංජාප් කින්ග්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගය අතරමඟ අත්හැර දැමීමට සිදු වුණා. 

ඒ, තාක්ෂණික දෝෂයක් හේතුවෙන්. ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශයේ විදුලිය ඇණ හිටීමකින් පසු ක්‍රීඩාංගණයේ එක් ආලෝක කුළුණක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් එලෙස තරගය අත්හැර දැමුනා.
 

මේ අතර පාකිස්ථාන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග 08 එක්සත් අරාබි එමිර් රජ්‍යයේදී පැවැත්වීමට පාකිස්ථාන කිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

 ඒ, ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින උණුසුම් වාතාවරණය සැලකිල්ලට ගනිමින්.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here