ඉන්දු – පාකිස්තාන සටන වෙනුවෙන් අද කොළඹ ආරක්ෂාව තර කෙරේ

0
2

විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයට අදාළව බුද්ධි අංශ නිලධාරීන් ඇතුළුව මේ වනවිට පොලිස් නිලධාරීන් 5,000ක පමණ ප්‍රමාණයක් යොදවා ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය විසින් පවත්වනු ලබන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්, බස්නාහිර පළාත භාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සඳහන් කර සිටියේ, මේ වනවිට තරගය සඳහා සහභාගී වෙන කණ්ඩායම් දෙක නතර වී සිටින හොටල්වලට මෙන්ම මාර්ගවලට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවය.

අද රාත්‍රී 7.00 වන විට තරගය ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති අතර රථවාහන රාජකාරී සඳහා නිලධාරීන් 350ක්, විශේෂ පොලිස් බළකායේ නිලධාරීන් 300ක්, පොලීසියෙන් 2,800ක් සහ බුද්ධි නිලධාරීන් රැසක් රාජකාරියේ යොදවා ඇති බවද බස්නාහිර පළාත භාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පැවසීය.

මේ අතර, විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (15) රාත්‍රියේ පැවැත්වෙන තරගය නැරඹීම සඳහා නිසි අවසරපතක් නොමැතිව කිසිදු ක්‍රීඩාලෝලියෙකුට පැමිණීමෙන් වළකින ලෙසද පොලීසිය ඉල්ලීමක් කරයි.

තරගයට අදාළ සියලු ප්‍රවේශපත් විකිණී අවසන් වුවත්, බොහෝ දෙනෙක් අදත් ප්‍රවේශපත් ලබාගැනීමට සඳහා ක්‍රීඩාංගණයට පැමිණෙන බව ද පොලීසිය සඳහන් කර සිටී.

ඒ හේතුවෙන් පොලීසිය ඉල්ලා සිටින්නේ නිසි අවසරපතන් නැතිව පැමිණ අපහසුතාවට පත් නොවන ලෙසය.

මේ සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදි අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා,  

“කරුණාකරලා, නිසි අවසර පත්‍රයක් නොමැති නම් පැමිණ අපහසුතාවයට පත්වෙන්න එපා. මාර්ග බාධක 4ක් තියෙනවා. සෝදිසි කපොලු 6ක් තියෙනවා. මේවාගෙන් ඇතුළු වෙන්න දෙන්නේ නෑ. QR කේතය එක්ක මේක ඕනේ. එහෙම එන්න එපා. ඇතැම් ස්ථානවල අපි පුළුල් තිර යොදලා අවශ්‍ය පහසුකම් යොදලා තියෙනවා” යැයි පැවසීය.

මේ අතර, තහනම් භාණ්ඩ ක්‍රීඩංගණය වෙත රැගෙන ඒමෙන් වළකින ලෙසද ඉල්ලීමක් කරන පොලීසිය විශේෂයෙන් ක්‍රීඩා පිට්ටනිය දෙසට විසි කළ හැකි, ලී කැබලි, කොඩි, බෝල හෝ බැට්, වතුර හෝ බීම බෝතල්, ගිනිපෙට්ටි හෝ ලයිටර් වැනි දේ මෙන්ම විශාල බැග් පැක් රැගෙන ඒමෙන් වළකින ලෙසද ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටී.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here