ඉන්දු-පාකිස්තාන තරගය බලන්න මෙරටට ආ පෞද්ගලික ජෙට් යානා 15 

0
2

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති ඉන්දු -පාකිස්තාන ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පෞද්ගලික ජෙට් ගුවන් යානා 15 කින් ලොව පුරා ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එම ගුවන් යානා පසුගිය 14වනදා සිට ඉන්දියාව, පකිස්තානය ඇතුළු තවත් රටවල් ගණනාවකින් පැමිණ තිබු බව වාර්තා වේ.

එම ගුවන් යානා වලින් පකිස්තාන ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසක්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ. ෂාහ් මහතා ඇතුළු කෝටිපති ව්‍යාපාරිකයන් රැසක් ද පැමිණ තිබූ බව සඳහන් වේ.

ඔවුන් මේ වන විට එම ගුවන් යානාවලින් නැවත් දිවයිනෙන් පිටව ගොස් ඇත.

මතභේදාත්මක වාතාවරණයකින් පසු ඊයේ පැවති මෙම තරගයෙන් ලකුණු 61කින් ජය වාර්තා කළේ ඉන්දීය කාණ්ඩායම විසිනි.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here