ඉන්දියාව සහ පකිස්ථානය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු ජම්මු සහ කාශ්මීරයේ යළි පිපිරීම් සිදුවී තිබෙනවා.
ඉන්දීය කාශ්මීරයේ බොහෝ ප්‍රදේශවලින් ඉන්දීය ගුවන් සීමාවට දැඩි කාලතුවක්කු ෂෙල් ප්‍රහාර සහ ඩ්‍රෝන යානා කිහිපයකින් ආක්‍රමණය කිරීම් වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම ප්‍රහාර හේතුවෙන් ජම්මු සහ කාශ්මීරයේ නගර දෙකෙහිම විදුලිය විසන්ධි වී ඇති අතර ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.
ඉන්දියාව තම ප්‍රධාන හමුදා කඳවුරු කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කළ බවත් පාකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථානවලින් එහි අගනුවර වන ඉස්ලාමාබාද් අසල හමුදා කඳවුරක් දක්වා ප්‍රහාර පැතිර ගිය බවයි පාකිස්ථානය පවසන්නේ.
ඊට ප්‍රතිචාර වශයෙන් පාකිස්ථාන හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දියාවේ හමුදා කඳවුරු වෙත ප්‍රතිප්‍රහාර එල්ල කළ බවයි.
සටන් විරාම උල්ලංඝනය ආරම්භ කිරීම සම්බන්ධයෙන් පාකිස්ථාන විදේශ අමාත්‍යංශය ඉන්දීය හමුදාවන්ට දොස් පවරා තිබෙනවා.
පාකිස්තානය ගිවිසුමට කැපවී සිටින බවත් එහි හමුදා වගකීමෙන් හා සංයමයෙන් යුතුව තත්ත්වය හසුරුවන බවයි පාකිස්තාන විදේශ අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ.
මෙම සටන් විරාමය අතරතුර එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන් ජම්මු හා කාශ්මීරයේ මහ ඇමති ඕමාර් අබ්දුල්ලා එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ මෙය සටන් විරාමයක් නොවන බවත් ශ්‍රී නගර්හි ගුවන් ආරක්ෂක ඒකක විවෘත කර තිබෙන බවයි.
මේ අතර ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි දෙරට අතර ඇති කරගත් අවබෝධය නැවත නැවතත් උල්ලංඝනය වී ඇති බවත්, පාකිස්තානය ගිවිසුම කඩ කළ බවට චෝදනා එල්ල කර තිබෙනවා.
Saru FM Media