පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් සහ සින්දූර් මෙහෙයුමෙන් පසු ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින ගැටුම් මධ්‍යයේ, යුරෝපා සංගමය කලාපයේ පිරිහෙන ආරක්ෂක තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කළේය.
කෙසේ වෙතත්, සෑම රටකටම තම පුරවැසියන් ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් ආරක්ෂා කිරීමට අයිතියක් ඇති බව යුරෝපා සංගමය ප්‍රකාශ කළේය.
එය පාකිස්තානයේ ත්‍රස්ත කඳවුරුවලට පහර දීමට ඉන්දියාවේ පියවරට සහාය දැක්වීමක් ලෙස සැලකෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.
“සෑම රාජ්‍යයකටම තම පුරවැසියන් ත්‍රස්තවාදී ක්‍රියාවලින් ආරක්ෂා කිරීමට නීත්‍යානුකූල වගකීමක් සහ අයිතියක් ඇත. අප්‍රේල් 22 දා ජම්මු හා කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ දරුණු ත්‍රස්ත ප්‍රහාරය සහ අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් 27 අවිවාදයෙන්ම හෙළා දකී. ත්‍රස්තවාදය කිසිවිටෙක සාධාරණීකරණය කළ නොහැකියි” යනුවෙන් යුරෝපා සංගමය පවසයි.
සිවිල් වැසියන් 26 දෙනෙකුට මරු කැඳවමින් සති දෙකකට පෙර කාශ්මීරයේ පහළල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුධය උත්සන්න විය.
මෙම ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පැවසූ ඉන්දියාව ඊට සම්බන්ධ බවට පාකිස්ථානයට චෝදනා කළ අතර පකිස්තාන දේශසීමාවේ සිටින ත්‍රස්තවාදීන් ඉලක්ක කර සින්දූර් මෙහෙයුම ආරම්භ කර තිබේ.
Saru FM Media