ඉන්දුනීසියාවේ බටහිර ජාවා හි කල් ඉකුත් වූ හමුදා පතොරම් බැහැර කිරීමේ ස්ථානයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දහතුන් දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
මියගිය අයගෙන් නව දෙනෙකු සිවිල් වැසියන් වන අතර හතර දෙනෙකු හමුදා නිලධාරීන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
එරට හමුදා ප්‍රකාශක ක්‍රිස්ටෝමෙයි සියන්ටුරි කොම්පස් මාධ්‍ය වෙතපැවසුවේ පතොරම් බැහැර කිරීම අවසන් කරන විට එකවරම එම පිපිරීම සිදු වූ බවත්
සිද්ධියට හේතුව පිළිබඳව හමුදාව විමර්ශනය කරමින් සිටින බවයි.
තවද පුපුරුවා හැරීමේ ස්ථානයට මෙතරම් සමීපව සිවිල් වැසියන්ට අවසර දුන්නේ කෙසේද යන්න විමර්ශනය කරන බවද ඔහු සදහන කර තිබෙනවා
පසුගිය වසරේ මාර්තු මාසයේදී, ජකර්තා අසල කල් ඉකුත් වූ පතොරම් ගබඩා කර තිබූ ඉන්දුනීසියානු හමුදා ගබඩාවක දැවැන්ත ගින්නක් ඇති වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පිපිරීම් මාලාවක් සිදුවි තිබුනා
Saru FM Media