ඉන්දුනීසියාවේ අවු. 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනමක්

0
3

ඉන්දුනීසියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සදහා සමාජ මාධ්‍ය වෙත පිවිසීම තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

මාර්තු මස 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ක්‍රියාත්මක වන බව එරට සන්නිවේදන හා ඩිජිටල් සබඳතා අමාත්‍යංශය නිවේදනය කර ඇත.

ඒ අනුව වයස අවුරුදු 16ට අඩු ළමුන්ට තවදුරටත් Facebook, YouTube, TikTok, Instagram, Threads සහ X වැනි සමාජ මාධ්‍යයන්හි ගිණුම් පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව එම අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ඉන්දුනීසියානු සන්නිවේදන හා ඩිජිටල් සබඳතා අමාත්‍යංශය නිවේදනය කළේ සමාජ මාධ්‍ය භාවිතයට ළමුන් දැඩි ලෙස ඇබ්බැහි වීම හා විවිධ වංචා සහගත ක්‍රියාවන්ට ඔවුන් හසුවීම ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here