ඉන්දුනීසියානු භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැහැ – කාලගුණයෙන් සහතිකයක්!

0
2

කොළඹ LNW:අද (02) අලුයම නැගෙනහිර ඉන්දුනීසියාවේ ටර්නේට් නගරයේ වෙරළට ඔබ්බෙන් උතුරු මොලුකා මුහුදේ රික්ටර් මාපකයේ 7.4 ක භූමිකම්පාවක් සිදුවී ඇති අතර, ඒ හේතුවෙන් ඒ අවට දූපත් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

කෙසේවෙතත් එම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

රිච්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය හේතුවෙන් එහි කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ඇතුළත භයානක සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් ද එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) විසින් සිදුකර තිබුණි.

හවායි හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයේ භයානක සුනාමි රළ ඇති විය හැකි බවයි.

The post ඉන්දුනීසියානු භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැහැ – කාලගුණයෙන් සහතිකයක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here