ඉන්දීය සිනමා ඉතිහාසයේ වැඩිම වියදමක් දරා නිෂ්පාදනය වන “Ramayana”

0
3

ඉන්දීය සිනමා ඉතිහාසයේ වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කල චිත්‍රපටය ලෙස සැලකෙන “Ramayana” (රාමායන)  චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට නිකුත් කර තිබේ.

ඉන්දියානු වාර්තා වලට අනුව මෙම චිත්‍රපටය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 835 කට අධික ( ඇමරිකානු ඩොලර් මිලියන සියයකට ආසන්න ) මුදලක් වැයවී ඇතිබව වාර්තා වේ.

මේ දක්වා වැඩිම වියදමක් දරා නිර්මාණය වූ ඉන්දියානු චිත්‍රපටය ලෙස සැලකෙන්නේ “Kalki” චිත්‍රපටය වන අතර එහි නිෂ්පාදන වියදම ලෙස සදහන් වන්නේ ඉන්දියන් රුපියල් කෝටි 600 කි.  ඉන්දියන් රුපියල් කෝටි 550 ක නිෂ්පාදන වියදමකින් නිර්මාණය කළ “RRR” චිත්‍රපටය දෙවන ස්ථානයේ පසුවිය.

රාම – රාවණ කතාව ඇසුරින් නිර්මාණය වන “Ramayana” චිත්‍රපටයේ ‘රාම’ ගේ චරිතය රන්බීර් කපූර් විසින් ද ‘සීතා’ ගේ චරිතය සායි පල්ලවී විසින් ද නිරූපණය කරන අතර ‘හනුමාන්ගේ’ චරිතය සදහා ‘Sunny Deol’ දායක වී තිබේ..

එමෙන්ම මෙහි ‘රාවණ’ ගේ චරිතය නිරූපණය කරන්නේ K.G.F ජනප්‍රිය චිත්‍රපටවල ප්‍රධාන චරිතය නිරූපණය කළ යාෂ් විසිනි.

මීට අමතරව බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක්ව තිබේ.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ නිතේෂ් තිවාරි (Nitesh Tiwari) විසිනි.  ඔහු සම්මානනීය දන්ගල් (Dangal) වැනි චිත්‍රපට වල අධ්‍යක්ෂකවරයාය.

“Ramayana” චිත්‍රපටය ‘IMAX’ සිනමාපටයක් ලෙසින් රූගත කර ඇති අතර මෙම චිත්‍රපටයේ VFX (විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග) නිර්මාණය සඳහා දායක වී ඇත්තේ Inception, Interstellar, Ex Machina, Blade Runner 2049, First Man, Tenet, Dune වැනි විශිෂ්ඨ ගණයේ හොලිවුඩ් චිත්‍රපට සඳහා VFX නිර්මාණය කළ DNEG ආයතනය වීම විශේෂත්වයකි.

එමෙන්ම මෙහි සංගීත නිර්මාණය සඳහා දායක  වී ඇත්තේ  ඔස්කාර් සම්මානලාභී සංගීත වේදීන් දෙපළක් වන ඉන්දියානු සංගීතවේදී A. R රහුමාන් සහ ජර්මානු ජාතික සංගීත නිෂ්පාදකයෙකු වන හාන්ස් ෂිමර් (Hans Zimmer) වීම තවත් විශේෂත්වයක් වේ.

‘Ramayana’ චිත්‍රපටයේ දෙවන කොටස 2027 වසරේ දීවාලි දිනයේ නිකුත් වීමට නියමිතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here