ඉන්දීය මිසයිල ප්‍රහාරයෙන් පකිස්ථානයේ මියගිය ගණන ඉහළට

0
4


ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ප්‍රදේශ කිහිපයක පාසල් තවකාලිකව වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. 

ඒ, ඉන්දියාව සහ පකිස්ථානය අතර මේ වන විට පවතින යුධ උණුසුම හේතුවෙන්. 

ඉන්දියාව විසින් පාකිස්ථානයේ සහ පාකිස්ථාන පරිපාලන කාශ්මීරයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 31 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

තවත් පුද්ගලයන් 57 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

ඉන්දීය හමුදාව පවසන්නේ පකිස්ථාන ෂෙල් වෙඩි ප්‍රහාරවලින් ඉන්දියාවේ පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් ඇති බවයි. 

කෙසේවෙතත් මෙම ගැටුම් හේතුවෙන් ඉස්ලාමාබාද්හි රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් වෛද්‍ය කාර්ය මණ්ඩලය සඳහා නියමිත නිවාඩු සියල්ල අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.
 

මේ අතර, නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසාෆ්සායි විසින් ඉන්දියාව සහ පාකිස්ථානය අතර ගැටුම් නතර කරන ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here